dsuranga. Powered by Blogger.

Sinhala Unicode

Sinhala Unicode
Sinhala Unicode

Total Pageviews

How to Create Blog


ඔබගේම Blog අඩවියක් නිර්මාණය කර ගන්නා ආකාරය.



Blog අඩවිය නිර්මාණය කර ගැනිම සදහා අප විසින් Google සමාගම විසින් නොමිලේ ලබා දෙනු ලබන blogger.com අප විසින් භාවිතා කර ඇත‍. ඔබගේ පහසුව පරිදි එම වෙබ් අඩවිය වෙත පිවිසිමට දකුණු පස ඇති Blogger Iconය මත Click කරන්න එවිට ඔබ Blogger වෙබ් අඩවියට පිවිසෙනු ඇත. ඔබට Blog අඩවිය නිර්මානය කර ගැනිම සදහා E-Mail ලිපිනයක් තිබිම අනිවාර්‍යය වේ.


එවිට ඔබට මේ ආකාරයෙන් දිස්වේ.

ඔබ විසින් කල යුත්තේ මෙහි ඊතලයෙන් පෙන්නා ඇති Get started Button එක Click කිරිම මගින් ඊලග පියවර වෙත යොමු විය හැකිය.






මෙතැන් සිට ඔබට පියවර 3කින් Blog අඩවියක් නිර්මාණය කර ගත හැකිය.


පලමු පියවර


1 :- ඔබගේ නිවරදි E-Mail ලිපිනය සදහන් කරන්න

2 :- එම E-Mail ලිපිනයම සදහන් කරන්න

3 :- ඔබට පසුව Blog අඩවිය වෙත පිවිසිම සදහා Password එකක් ලබා දෙන්න මෙම Password එක ඉලක්කම් හො අකුරු 8 කට වඩා වැඩි විය යුතුය.

4 :- ඉහත ලබා දුන් Password එකම ලබා දෙන්න

5 :-  ඔබගේ නම Blog අඩවියේ සදහන් විය යුතු ආකාරයට සදහන් කරන්න

6 :- ඔබගේ උපන් දිනය සදහන් කරන්න මෙය මාසය/දිනය/වර්ෂය වශයෙන් සදහන් විය යුතුය. උදා - 5/25/1990

7 :- ඉහතින් පෙනෙන ඇද වු ඉංග්‍රිසි අකුරු ඒ ආකාරයටම සදහන් කරන්න

8 :- කුඩා කොටුව මත Click කර එහි හරි සලකුණ යොදන්න

9 :- ඉහත සදහන් කල තොරතුරු සියල්ල නිවරදිදැයි බලා CONTINUE නම් වු ඊතලය මත Click කරන්න



දෙවන පියවර


1 :- ඔබගේ Blog අඩවිය සදහා මාතෘකාවක් ලබා දෙන්න

2 :- Blog අඩවියට ලිපිනයක් සදහන් කරන්න. මෙය ඔබගේ Blog අඩවිය සදහා ගැලපෙන පරිදි යොදාගන්න.

3 :- Check  Availability මත Click කර ඹබ ඉහත සදහන් කල Blog   ලිපිනය වෙනත් අයකු භාවිතා කරන්නෙද නැද්ද වග සොයා ගත යුතුය. වෙනත් අයකු භාවිතා කරන්නේනම් Not Available ලෙසද භාවිතා නොකරන්නෙනම් Available ලෙසද ඉට පහතින් සදහන් වේ.

4 :- ඔබගේ Blog ලිපිනය තොරාගත් පසු CONTINUE නම් වු ඊතලය මත Click කරන්න එවිට තෙවන පියවර කරා යොමු කෙරේ




තෙවන පියවර



තෙවන පියවරේදි දි ඇති Template වලින් එකක් තොරා (මෙහිදි ඔබගේ Blog අඩවිය කුමන ආකාරයන එකක් ද යන්න තිරනය කර එ හා ගැලපෙන Template එකක් තොරාගන්න)


ඉන් පසු CONTINUE නම් වු ඊතලය මත Click කරන්

















දැන් ඔබට මේ ආකාරයට දිස් වනු ඇත. 

මෙයින් කියවනුයේ ඔබගේ Blog අඩවිය නිර්මාණය වි ඇති අතර එයට ඔබගේ තොරතුරු ඇතුලත් කිරිමට දැන් හැකි බවය.

දැන් ඔබ විසින් කල යුත්තේ START BLOGING නම් වු ඊතලය මත Click කර ඉලගට ලැබෙන පිටුවෙහි ඔබගේ තොරතුරු ඇතුලත් කරන්න.








Blog අඩවියට තොරතුරු ඇතුලත් කිරිම.

1:- ඔබ විසින් ලියනු ලබන ලිපිය සදහා මාතෘකාවක් සදහන් කරන්න

2 :- ඔබගේ ලිපිය ඇතුලු කරුනු මෙහි සදහන් කරන්න. ඔබට මෙහි දි ඇති Tool Bar එක මගින් Font Size, Bold, Italic  Underline, Text Color ආදි දේ වෙනස් කරමින් ලිපිය සාදා ගැනිමට හැකියාව ඇත මිට අමතරව පින්තුරයක් හා විඩියො එකක්ද මේ සදහා එක් කර ගැනිමේ පහසුකම් ඇත.

3 :-  ඔබගේ ලිපියේ සියලු Text එකතු කර අවසන් වු පසු  PUBLISH POST Button එක මත Click කරන්න එවිට ඔබට මේ ආකාරයෙන් දිස් වනු ඇත. 

මෙහි 1 ලෙස සදහන් කර ඇති View Post යන්න Click කරන්න එවි‍ට  එහි ඔබ විසින් ඇතුලත් කරනු ලැබු කරනුද සමගින් ඔබගේ Blog Site එක ඔබට දිස් වනු ඇත.







* මතක තියා ගත යුතු කරුනක් නම් ඔබ විසින් Blog Site එක සදහා Log වන සැම අවස්තාවකම එයින් ඉවත් නක විට Sign out  යුතුය එය කරනු ලබන්නේ 

මෙම රුපයේ 1 ලෙස පෙන්නා ඇති Sign Out යන්න Click කර ඉවත් විම සිදු කරන්න


ඔබට නැවතත් Blog අඩවාය සදහා කරුනු එකතු කිරිමට අවශ්‍ය වු විට ඒ සදහා Log වන්නේ

1 :- ඔබ විසින් Blog අඩවිය නිර්මාණය කර ගැනිම සදහා භාවිතා කල E-Mail ලිපිනය යොදන්න

2 :- Blog අඩවිය නිර්මාණය කිරිමෙදි යොදනු ලැබු Password එක යොදන්න

3 :- නිවරදිව E- Mail හා Password යෙදු පසු Sign in බොත්තම Click කරන්න එවිට ඔබ‍ යෙදු   E- Mail හා Password නිවරදි නම් ඔබගේ Blog අඩවියට පිවිසෙනු ඇත

ඔබගේ BLOG එක සදහා නිරන්තරයෙන් කරනු එක්කරන්න

0 comments: