dsuranga. Powered by Blogger.
Internet Solution
Web අඩවි නිර්මාණය
BCS & BIT - Network Technology
වෙනත් වෙබ් අඩවි
Total Pageviews
How to Create Skype Account & Install
ඔබටම Skype ගිණුමක් ලබා ගන්නේ කොහොමද ? (How to Create Skype Account)
Skype ගිණුමක් විවෘත කර ගැනිම සදහා ඹබට E-Mail ලිපිනයක් තිබිම අනිවාර්යය වේ. ඔබට E-Mail ලිපිනයක් නැත්නම් How to Create E-Mail (GMail) Account මත click කර ඒ සදහා අවශ්‍යය දැනුම ලබා ගත හැකිය.
මෙහි ඇති Skype අයිකනය මත Click කර එවිට ලැබෙන පිටුවෙහි පහත පියවර අනුගමනය කරන්න
පළමු පියවර
මෙහි 1 සදහා ඔබගේ පළමු නම යොදන්න උදාහරණ - Saman
මෙහි 2 සදහා ඔබගේ අවසන් නම යොදන්න උදාහරණ - Prera
මෙහි 3 සදහා ඔබගේ E-Mail ලිපිනය නිවරදිව යොදන්න උදාහරණ - saman@gmail.com
මෙහි 4 සදහා නැවතත් ඔබගේ E-Mail ලිපිනය නිවරදිව යොදන්න උදාහරණ - saman@gmail.com
ඉන්පසුව පහල ඇති දෙවන පියවර වෙත යොමු වන්න.
දෙවන පියවර
මෙහි 1 සදහා ඔබගේ උපන් දිනය යොදන්න උදාහරණ - 25
මෙහි 2 සදහා ඔබගේ උපන් මාසය යොදන්න උදාහරණ - January
මෙහි 3 සදහා ඔබගේ උපන් වර්ෂය යොදන්න උදාහරණ - 1995
මෙහි 4 සදහා ඔබගේ ස්ත්‍රි/පුරුෂ භාවය සදහන් කරන්න උදාහරණ - Male
මෙහි 5 සදහා ඔබ දැනට පදිංචි රට සදහන් කරන්න උදාහරණ - Sri Lanka
මෙහි 6 සදහා ඔබ දැනට පදිංචි නගරය සදහන් කරන්න උදාහරණ - Anuradhapura
මෙහි 7 සදහා ඔබ භාවිතා කරනු ලබන භාෂාව සදහන් කරන්න English වශයේන් සදහන් කිරිමද වරදක් නැත උදාහරණ - English
මෙහි 8 සදහා ඔබ බාවිතා කරන ජංගම දුරකථනය ලියාපදිංචි රට සදහන් කරන්න උදාහරණ - Sri Lanka
මෙහි 9 සදහා ඔබ බාවිතා කරන ජංගම දුරකථන අංකය සදහන් කරන්න උදාහරණ - 0711 234567
ඉහත සදහන් කරන තොරතුරු අනොකුත් Skyep බාවිතා කරන්නන් හට පෙන්වන තොරතුරු වේ.
ඉන්පසුව පහල ඇති තෙවන පියවර වෙත යොමු වන්න.
තෙවන පියවර
මෙහි 1 සදහා ඔබ මෙය භාවිතා කරන්නේ කුමක් සදහාද යන්න තොරන්න. මෙහිදි ඔබ මෙය භාවිතා කරන්නේ පිටරට සිටින හිතවතුන් සමග කතා කිරිම සදහා නම් Mostly Personal Conversations යන්න තේරිම නිවරදි වේ. උදාහරණ - Mostly Personal Conversation
මෙහි 2 සදහා ඔබ විසින් අකුරු 6කට වැඩි 32කට අඩු කෙටි නමක් ලබා දිය යුතුය මෙම නාමය skype ID ලෙසද හැදින්වේ. මෙම නාමය Skype හි හදුනා ගැනිම සදහාද භාවිතා වේ. උදාහරණ -samanprera
ඔබ විසින් Skype නාමය ලබා දුන් පසු ඉහත ආකාරයට දිස්වේ නම් ඔබ විසින් ලබා දුන් නාමය තව අයකු විසින් භාවිතා කරන බව පැවසේ එමනිසා ඔබ විසින් කල යුත්තේ Skype නාමය සදහන් කරන ස්ථානයට පහතින් ඇති Suggestion නම් ස්ථානයේ ඇති ඒවා අතරින් කැමති එකක් තෙරිම හො වෙනත් Skype නාමයක් ලබා දිම සිදුකල යුතුය.
මෙහි 3 සදහා ඔබ විසින් රහස් පදයක් ලබා දිය යුතුය. එම රහස් පදය අකුරු 6කට වැඩි 20කට අඩු විය යුතුය උදාහරණ - ඔබගෙ උපන් දිනය, හැදුනුම්පත් අංකය අදි දැ භාවිතා කල හැකිය.
මෙහි 4 සදහා ඔබ විසින් ඉහත සදහන් කල රහස් පදයම ලබා දිය යුතුය.
ඉන්පසුව පහල ඇති හතරවන පියවර වෙත යොමු වන්න.
හතරවන පියවර
මෙහි 1 හි සදහන් වචන ඔබට කියවිමට අපහසු නම් 2 ස්ථානයේ අති Refresh අයිකනය මත Click කිරිම මගින් 1 හි සදහන් දැ වෙනස් කර ගත හැකිය ඉන්පසුව 1 හි සදහන් දැ 3හි ස්ථානයට ඇතුලත් කරන්න මෙහිදි එම අකුරු ඉතාමත් නිවරදිව සදහන් කල යුතුය.
ඉන්පසුව පහල ඇති පස්වන පියවර වෙත යොමු වන්න.
පස්වන පියවර
ඔබ විසින් ඉහත සදහන් කල තොරතුරු නිවරදිදැය නැවත වරක් පරික්ෂා කර බලන්න සියල්ලම නිවරදි නම්
බොත්තම මත Click කිරිම මගින් ඉදිරි පියවර සදහා යොමු විය හැකිය.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment